― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅරගලය සමඟ ප්‍රශ්නයක් නෑ. නමුත් ප්‍රශ්න ඇත්තේ අරගලකරුවා සමඟයි

අරගලය සමඟ ප්‍රශ්නයක් නෑ. නමුත් ප්‍රශ්න ඇත්තේ අරගලකරුවා සමඟයි

පොදුජන පෙරමුණ ආණ්ඩුව මැතිවරණවලට බය නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

බොහෝ පිරිස් පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් බිය ගන්නවා නවත්වා ගැනීමේ උත්සාහයක මේ වනවිට නිරතව සිටින බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

බණ්ඩාරගම ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට අද (26) එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් පසුගිය මැයි 09 වනදා ගෝල්ෆේස් ආරගලයට පහරදීමට ගිය බවත් තමන් විශ්වාස නොකරන බව සඳහන් කළ මන්ත්‍රීවරයා එම පිරිස් පැමිණියේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුණගැසීමට බව සඳහන් කර සිටියා.

අරගලය සමඟ ප්‍රශ්නයක් නොමැති බවත් නමුත් ප්‍රශ්න ඇත්තේ අරගලකරුවා සමඟ බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ලෝකේ කොහේ හෝ බිහිවූ බලවේගයක ඉත්තෙක් බවට අරගලය කරපු දරුවන් පත් වෙනවා නම් ඒ පිළිබඳව ද ප්‍රශ්නයක් ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.