28.4 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසාමකාමී විරෝධතා දක්වන්න හැමෝටම අයිතිය තිබෙනවා

සාමකාමී විරෝධතා දක්වන්න හැමෝටම අයිතිය තිබෙනවා

තමා ජනාධිපති ධුරයේ සිටින කාලට තුළ අනිවාර්යයෙන්ම රැඳවුම් බලතල භාවිතා නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සූම් තාක්ෂණය ඔස්සේ පැවති ජාත්‍යන්තර සාකච්ඡාවක් අතරතුරදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය හැමෝටම තිබෙන බවත් සාමකාමී උද්ඝෝෂණ කියා සිදුවෙන්නේ ප්‍රචණ්ඩත්වය නම් එතැන ගැටලුවක් තිබෙන බව බවත්ය.

රැඳවුම් භාරයේ සිටි පුද්ගලයන් තිදෙනෙක් හැර අනික් අය නිදහස් කර තිබෙන බවත් මාස තුනක රැදවුම් කාලය අවසන් වීමට පෙර ඔවුන් නිදහස් කර ඇති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.