29.5 C
Colombo
Thursday, May 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමං වගකීම බාර ගන්න සූදානම් - නාමල් රාජපක්ෂ

මං වගකීම බාර ගන්න සූදානම් – නාමල් රාජපක්ෂ

ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගන්නේ විපක්ෂයේ අපේක්ෂකයා කවුද යන්න තීරණය කිරීමෙන් පසුව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ගුවන්විදුලි වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයට පක්ෂය යෝජනා කරන ඕනෑම වගකීමක් බාර ගැනීමට තමා සූදානම් බවත් අමාත්‍ය ධූර භාර නොගෙන පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු වෙනුවෙන් කටයුතු කරන බවත්ය.