සජිත්ගේ ඉංග්‍රිසි සුද්දන්ටත් තේරෙන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
මේ නිසා සජිත් මොනා ද කියන්නේ බලන්න සුද්දෝ ඩික්ෂනරිය පෙරළනවා යැයිද හෙතෙම කීවේය.
“මම අහගෙන සජිත් මහත්තයා කියනවා මාලිමාවට ඡන්දය දෙන්න බැහැ වැඩක් නැහැ. මොකද ඒ ගොල්ලන්ට ජාත්‍යන්තර සබඳකම් නැහැ. එයාට ඡන්දය දෙන්නලු එයාට පුළුවන්ලු ඉංග්‍රිසියෙන් කතා කරලා ආධාරයක් ඉල්ලා ගන්න.සජිත් ප්‍රේමදාස මහත්තයා රට හදන්න එන්නේ සුද්දන්ට ඉංග්‍රිසියෙන් කතා කරලා. සුද්දන්ගෙන් ආධාරයක් ඉල්ල ගෙනයි.”