29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරාජිතව ඉවත් කරන්න - සජබ මන්ත්‍රීවරුන් විපක්ෂ නායක සජිත්ගෙන් ඉල්ලයි

රාජිතව ඉවත් කරන්න – සජබ මන්ත්‍රීවරුන් විපක්ෂ නායක සජිත්ගෙන් ඉල්ලයි

සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන ලෙස මන්ත්‍රීවරුන් රැසක් එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

රාජිත සේනාරත්න මහතා පක්ෂයේ තීරණවලට පටහැනිවන ආකාරයේ ප්‍රකාශ දිගින් දිගටම නිකුත් කරමින් සිටින හෙයින්  ඔහුගේ එම ක්‍රියා කලාපය පක්ෂයට විශාල හානියක් බව එම මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයාට වැඩිදුරටත් දැනුම්දී ඇත.

එහෙත් පක්ෂ නායකත්වය තවමත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ප්‍රකාශයට පත් කර  නැතැයි දැනගන්නට ඇත.