― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalශ්‍රී ලංකාව සංචාරයට සුදුසු රටක් - අලි සබ්රි

ශ්‍රී ලංකාව සංචාරයට සුදුසු රටක් – අලි සබ්රි

පසුගිය කාල වකවානුව තුළ ශ්‍රී ලංකාවේ උද්ගතව තිබූ ආර්ථික අර්බුද තත්වය හා නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ඇතැම් රටවල් එරට වැසියන් හට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වලකින ලෙසට විවිධ අනතුරු ඇඟවීම් කර තිබුනා.

මේ සම්බන්ධයෙන් විදේශ ඇමති අලි සබ්රි ඊයේ මෙරට විදේශීය දූත පිරිස් සමග සුහද සාකච්ඡාවක් පැවැත්වුවා.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා මෙහිදී ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාව මුහුණ පෑ අර්බුධකාරී සමය නිම කිරීම සඳහා ලක් රජය ගත් උත්සහයේදී ජාත්‍යන්තරයෙන් අප රටට ලබාදුන් සහයෝගය වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවට ලක් රජය වෙනුවෙන් තමන් ස්තුතිය පිරිනමන බව සඳහන් කර සිටියා.

වත්මන් ශ්‍රී ලංකාව මේ වනවිට ඒ සියළුම අභ්යෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගමන් අරඹා තිබෙන බැවින් පසුගිය සමයේ ශ්‍රී ලංකාව සංචාරක කටයුතු සඳහා අනාරක්ෂිත රාජ්‍යයක් වශයෙන් හඳුන්වා පනවා තිබූ අනතුරු ඇඟවීම් හා තහංචි ඉවත් කර ගන්නා මෙන් අලි සබ්රි විදෙස් තානාපති නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කලා.

සංහිදියාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සර්ව පාක්ෂික සමුළු 2022 හා 2023 දී කැඳවා තිබු බවත් මේ වනවිට සංහිදියාව වෙනුවෙන් කැබිනට් අනු කමිටුවක් ස්ථාපිත කර තිබෙන බවත් පැවසු සබ්රි ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය කඩිනමින් ඇති කිරීම සඳහා සංචාරක කර්මාන්තයෙන් ලැබෙන සහය මෙහිදී ඉමහත් ඇගයීමටද ලක් කර සිටියා.

මෙම අවස්ථාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකද එක්ව සිටියා.