― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅලි පොහොට්ටුවේ මධුසමය ළඟදීම අවසන්

අලි පොහොට්ටුවේ මධුසමය ළඟදීම අවසන්

අලි පොහොට්ටු තාවකාලික මධුසමය ඉතා කෙටි කලකට පමණක් සීමා වූවක් බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පවසනවා.

අද (11) දින මහනුවරදී මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ හෙතෙම කියා සිටියේ එල්ලෙන්නට වැලේ වැල් නැති පොහොට්ටුවේ මන්ත්‍රීවරු මේ වන විට අවසන් උත්සාහය වශයෙන් අලියාගේ වලිගයේ එල්ලි ගොඩ යෑමට උත්සාහ කරන බවය.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ මන්ත්‍රීවරයා, “නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරු 13 දෙනා මේ වන විට ශක්තිමත්ව රජයට එරෙහිව ගමනක් යනවා. දැන් අපි රජයට අභියෝගයක් වෙලා තියෙන නිසා ඒ අය අපිට මඩගහනවා. දැන් පොහොට්ටුවට එකම ගැලවුම්කාරයා රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි. ඒකයි ඒ අය තමන්ගේ පක්ෂය රනිල් මහත්තයාගේ ඇඟේ ගහලා ගොඩ යන්න හදන්නේ. මොනවා කරත් මේ කට්ටිය දඟලන්නේ තව ටික දවසයි.

මේ අය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රට උගස් තියලා ජනතාව දැඩි පීඩනයකට ලක් කරලා තියෙනවා. ඡන්දෙ දුන්න 69 ලක්ෂයක් ජනතාව ප්‍රතිත්‍රස්ත පනත හරහා ත්‍රස්තවාදීන් කරල තියෙනවා. ඉදිරි මැතිවරණයකදී මේ අයට අත්වන ඉරණම බලාගන්න පුළුවන්. සමහරු කියනවා හෙලිකොප්ටරය කඩා වැටෙන්න ලඟයි කියල. අපි කඩා වැටෙන්නේ නෑ ශක්තිමත් ගමනක් යනවා. ඒ ගමන අභියෝගයක් වූ පොහොට්ටුවේ මන්ත්‍රීවරු අද සිහි විකල්ව නන් දොඩවනවා.