25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරාජිතට දෙනවා නම් රෝහිතටත් ඇමතිකමක් දෙන්න

රාජිතට දෙනවා නම් රෝහිතටත් ඇමතිකමක් දෙන්න

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට ඇමැති තනතුරක් දෙන්නේ නම් රෝහිත අබේගුණවර්ධනටත් ඇමති තනතුරක් දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර තිබේ.

දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ “රෝහිතට නොදී රාජිතට විතරක් ඇමැති තනතුරක් දෙන්න එපා” යැයි පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇති බවයි.

රෝහිත අබේගුණවර්ධන පක්ෂයේ දියුණුව වෙනුවෙන් විශාල කැපවීමක් කළ අයෙකු බවත් එම නිසා රාජිත සේනාරත්නට පමණක් ඇමති තනතුරක් දුනහොත් එය රෝහිතට කරන බරපතළ අසාධාරණයක් බවත් පොහොට්ටුව ජනාධිපතිවරයාට වැඩිදුරටත් දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.