වෙනසක තාරුණ්‍ය සංවිධානය අද 2 දින මාධ්‍ය හමුවක් කැදවමින් පවසා සිටියේ විශේෂිත පොහොර ගැන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පැහැදිලි කිරීමක් වහාම නිකුත් කල යුතු බවයි.
මාධ්‍ය හමුව සදහා වෙනසක තාරුන්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර වෙනසක තාරුන්‍ය සංවිධානයේ ජාතික කමිටු සාමාජික කෝෂිලා හංසමාලි වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික කමිටු සාමාජික ජගත් ජානක සහභාගීවිය
වෙනසක තාරුන්‍ය සංවිධානයේ ජාතික කමිටු සාමාජික කෝෂිලා හංසමාලි
දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදියට වනාන්තර එළි පෙහෙළි කිරීම් නිසා වන සතුන්ට ජීවත් වෙන්න භූමිප්‍රදේශ නැතිවෙලා.
වන අලින්ට ජීවත්වෙන්න පරිසරය නැතිවෙද්දි මිනිස්සු ජීවත්වෙන ප්‍රදේශ වලට ඒගොල්ලො එනවා.
හම්බන්තොට ජනතාවගේ ජීවිකාව තීරණය වෙලා තියෙන්නෙ කෘෂිකර්මාන්තය සහ වනාන්තර සම්බන්ධයෙන්. මීට වසරකට කලින් ඉඳන් ගොවි ජනතාව එකතු වෙලා විරෝධතාවයක් දියත් කළා වන අලි ප්‍රශ්නයට විසඳුමක් දෙන්න කියලා. අලි කළමනාකරණ රක්ෂිතය නිර්මාණය කරන්න කියලා තමයි පළවෙනියට මේ අරගලය දියත් වෙන්නේ.
වෙනසක තාරුන්‍ය සංවිධානය විදියට අපි කියන්නේ මේ ප්‍රශ්නයට නිශ්චිත විද්‍යාත්මක විසඳුමක් දෙන්න වෙනවා. හෙට දිනයේ දී අපි වෙනසක තාරුණ්‍ය සංවිධානය අපිත් ඒ අරගලයට සම්බන්ධ වෙමින් උද්ඝෝෂනික ක්‍රියාමාර්ගයක් කරනවා
හම්බන්තොට නගරයේ සත්‍යග්‍රහය පැවැත්වෙන භූමි ප්‍රදේශය ආශ්‍රිතව උදේ 11 ට අපි උද්ඝෝෂනික ක්‍රියාමාර්ගයක් ගන්නවා.
වෙනසක තාරුන්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර
ආණ්ඩුවට ඩොලර් සංචිතවල ප්‍රශ්නයක් ආවා. ඒකට උත්තරයක් විදියට තමයි එකපාරට රසායනික පොහොර වෙනුවට කාබනික පෝර ප්‍රතිපත්ති ආවේ
ගොවීන්ට අස්වැන්න සාර්ථක කරගන්න බැරුව බරපතළ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙලා තියෙද්දී තමයි අද අපි මේ මතු කරන කාරණය සම්බන්ධයෙන් බරපතළ සැකයක් අපිට තියෙන්නෙ.
මේ තියෙන්නෙ ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය sls ආයතනය මගින් 2022 ජනවාරි මාසේ 26 වැනිදා මහජන අදහස් සඳහා නිකුත් කරපු ප්‍රමිති කෙටුම්පතක්.
මේ ප්‍රමිති කෙටුම්පත නිකුත් කරලා තියෙන්නේ විශේෂිත පොහොර සඳහා, මේකෙ උඩින්ම තියෙනවා මහජන අදහස් සඳහා වෙච්ච ප්‍රමිති කෙටුම්පතක් කියලා.
ලංකාවට ගෙන්වන පොහොර සම්බන්ධයෙන් වෙච්ච දැනට පවතින ප්‍රමිතිය, දැනට ප්‍රමිතියක් පවතිනවා ඒ ප්‍රමිතියට අමතරව, මේ ප්‍රමිතිය සකස් කිරීම සඳහා තමයි මේ කෙටුම්පත ඉදිරිපත් කරලා තියෙන්නේ.
මේකෙ අපිට බරපතළ සැකයක් මතුවෙනවා රසායනික කාබනික ආණ්ඩුවේ සෙල්ලමත් එක්ක මේක සම්බන්ධයිද කියලා.
අපි ඒකට කරුණු කීපයක් ඉදිරිපත් කරන්නම්, චීනයෙන් කාබනික පොහොර නැවක් ආවා, ඒ පොහොර නැවේ මේ රටේ පරිසරයට නුසුදුසු ක්ෂුද්‍ර ජීවීන් වාර්තා වෙනවා කියලා ඒ පොහොර නැව ප්‍රතික්ෂේප කරන්න ඒ විෂය සම්බන්ධ ප්‍රවීනයන් කටයුතු කළේ.
අවසානයේ සිද්ධ වෙච්ච දේ අපි දන්නවා පොහොර ටික මෙ හෙ ගොඩබෑවේ නැති වුණාට රුපියල් මිලියන ගානක් චීන නැවට වන්දි ගෙවන්න අපිට සිද්ධ වුණා.
අපි කඩේකට බඩුවක් ගන්න ගියහම බඩුව චෙක් කරනවා නේ, ලංකාවේ වගාවට බලපාන පොහොර නැවක් චීනයෙන් ඇවිල්ලා ඒ පොහොර නැවේ අර්වේනියා කියන ශාක වලට අහිතකර ක්ෂුද්‍ර ජීවීන් වාර්තා වෙනවා කියලා විශේෂඥයෝ කියනවා මේක ගොඩ බාන්න එපා කියලා.
හැබැයි චීනෙ අපිට තර්ජනය කරනවා, මේක වෙනත් පාර්ශවයක් ලව්වා පරික්ෂා කරන්න ඕනේ කියලා . බඩු ගන්න අපි කියනවා නම් මේක අපේ ප්‍රමිතියට නෑ අපිට එපා කියලා ආයෙ තෙවැනි පාර්ශ්වයකින් මොකක්ද ඒක පරීක්ෂා කිරීමේ උවමනාව.
මේ ප්රශ්නය දිගින් දිගටම දිගින් දිගටම මතුවුණා. චණ්ඩි පාට් දාපු ඇමතිවරුන්ට සිද්ධ වුනා අන්තිමට ඒ නැවට වන්දි ගෙවන්න.
මේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි චීන සමාගමකට නිකම්ම නිකං දීලා ඇරිය.
මේ තියෙන්නේ ඊයේ දවස ලංකාවේ ප්‍රධාන පුවත්පතක ඇතුල් පිටුවක ප්‍රධාන ප්‍රවෘත්තියක්. ප්‍රධාන විශේෂාංග ලිපියක් තමයි මේ තියෙන්නෙ.
2020 වර්ෂයේ දී පමණක් ටින් මාළු නියැදි පරීක්ෂණ 42 කින් හතළිස් එකක්ම ආසනික් අනුමත උපරිම සීමාව ඉක්මවලා.
මේ 41 අතරේ දේශීය නිෂ්පාදන අටයි වි දේශීය නිෂ්පාදන 33යි.මේක බරපතළ තත්ත්වයක්.
ජනතාවගෙන් අහන්න එපැයි මේවා ගැන. මේකේ තියෙන විදියට පාරිභෝගික සේවා අධිකාරියට මේක දැනුම් දුන්නට නඩු දාලත් නෑ.
නඩු දැම්මා නම් මේක තහනම් වෙන්න එපැයි.
මිනිසුන්ට මොනවා හරි විශ්වාස කරන්න තියෙනවා නම් ආයතනයක් ඒක තමයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. දැන් මේ හදන්නේ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ගෙන්නන්න ගිහිල්ලා මේ රටේ වගාව කාබනික පොහොර සඳහා ගෙන්නන්න තිබුණු අවස්ථාව නැති කළා.
මේ කරන්න හදන්නේ අර චීනෙන් ගෙන්නපු පොහොර නැව් වගේ අසූචි ගොඩවල් මේ රටේ ගොඩ බාන්න නීතිමය තත්ත්වය හදා ගැනීම. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ රටේ බලධාරීන් මේක පැහැදිලි කළ යුතුයි
අපි කියන්නම් මේක වෙන්න නියමිත එක, තව ටික දවසකින් මේකෙ කෙටුම්පත එනවා මහජන අදහස් සහිතව සංශෝධනය කරපු කෙටුම්පත සම්මත වෙලා එනවා.
අපි දන්නවද මේකට මොන මහජනයාද අදහස් දුන්නෙ කියලා. මේක සෙල්ලමක් මේක ගේම් එකක්.
අපි මේවට ඉඩ දෙන්නේ නෑ අපි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට කියනවා අපි අභියෝග කරනවා ඔබ වගකියන්නේ ජනතාවට මේ රටේ මිනිස්සුන්ට වගකියන්න ඕන ගෝඨාභය රාජපක්ෂලාට මහින්ද රාජපක්ෂ ලාට කොහෙවත් ඉන්න හෙන්චයියන්ට පර චීනය ඇමරිකාවේ ඉන්න රූකඩ වලට නෙමෙයි ඔබ උත්තර දෙන්න ඕනා.
මේ රටේ මිනිස්සුන්ගෙ ජීවිත සම්බන්ධ ප්‍රශ්නයක් මේක. මේ රටේ පරිසරය සම්බන්ධ ප්‍රශ්නයක් මේක. මේ රටේ සත්තුන්ගෙ ජීවිත සම්බන්ධ ප්‍රශ්නයක් මේක.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මේ ගැන පැහැදිලි කිරීමක් වහාම නිකුත් කරන්න. අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මේ සම්බන්ධයෙන් ගන්නවා. ආණ්ඩුව මේවා බලහත්කාරයෙන් කරනවා කියලා අපි දන්නවා.
මේ ආණ්ඩුව පත් වෙද්දි පත්වුණේ රට ගැන හිතන දේශප්‍රේමය ගැන හිතන මහපොළොව ආරක්ෂා කරනවා කියන පට්ටපල් කෙබර ඇ දබාල.
අසූචි ගොඩවල් මේ මහපොලොවේ ගොඩ බාද්දී ඒ හිටපු ඊනියා දේශප්‍රේමී වීරයෝ නැට්ට කකුල් දෙක අස්සෙ ගහගෙන හැංගිලා ඉන්නවා.
අපි එහෙම ඉන්න ලෑස්ති නෑ කියන අවධාරණය කිරීම ආණ්ඩුවට කරනවා.



