28.9 C
Colombo
Saturday, May 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනප්‍රිය තාරකාවකට වුණ අනතුර

ජනප්‍රිය තාරකාවකට වුණ අනතුර

ලොවපුරා ජනප්‍රිය විදෙස් රූපවාහිනී තාරකාවක් ඔහුගේ විද්‍යුත් පා පැදියෙන් ගමන් කරමින් සිටියදී අනතුරට මුහුණදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, Simon Cowell නමැති ජනප්‍රිය තාරකාවකුයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට සිද්ධිය ඇසින් දුටුවන් පවසා ඇත්තේ සිය පා පැදිය ලිස්සා යාම හේතුවෙන් ඔහු විසිවී ගොස් මාර්ගයේ ඇදවැටී ඇති බවයි. එම අවස්ථාවේ ඔහු ආරක්‍ෂිත හිස් වැස්මක් හෝ පැලඳ නොසිටි බව ද වාර්තා වෙයි.

අනතුරට ලක්වූ Simon Cowell අතට සහ මුහුණට තුවාල සිදුව ඇති අතර එහි සිටි පුද්ගලයන් ඔහුව කඩිනමින් ගිලන් රථයක් නංවා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

62 හැවිරිදි ඔහු මීට පෙර ද මෙවැනි අනතුරකට මුහුණ පා සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බිහිසුණු අනතුරක් වූ මෙය ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ “Simon Cowell ජීවත් වීමේ වාසනාව තිබුණා” යනුවෙනි.

කෙසේ වෙතත් අනතුරෙන් පසුවද ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් පා පැදිය අත්නොහරින බවය.