― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalබලය ලැබුණු විගස පාස්කු වින්දිතයන්ට යුක්තිය ලබා දෙනවා

බලය ලැබුණු විගස පාස්කු වින්දිතයන්ට යුක්තිය ලබා දෙනවා

වසර 4ක් ගත වී ඇතත් පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට කිසිම විසදුමක් නොලැබුන බවත් මේ මොහොත වන විටත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී  පැවසීය.

පාස්කු ප්‍රහාරය පිටුපස රහස් න්‍යාය පත්‍රයක් ඇති බවත් එය සඟවා තැබීමට කිසියම් පාර්ශ්වයක් කටයුතු කරන බවත් විපක්ෂ නායක වරයා ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට යුක්තිය ඉටු නොවූ බවත් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කීවේය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වන පර්යේෂණ කටයුතු සඳහා විවිධ ඇගිලි ගැසීම් පවතිව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය බලයට පත් වූ විගස ස්වාධීන පරීක්ෂණයක් හරහා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට සහ පාර්ශ්ව කරුවන්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙන බවත් ප්‍රේමදාස මහතා කීවේය.

ස්වාධීන දේශීය හා ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වා සිදු කරන මේ ක්‍රියාවලියේ දී ඊට සම්බන්ධ කිසිදු පුද්ගලයකුට ගැලවීමට ඉඩ ලබා නොදෙන බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.