― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅවශ්‍යම මොහොතේ පොහොට්ටුව රට වෙනුවෙන් තීන්දුවක් ගන්නවා - ප්‍රසන්න

අවශ්‍යම මොහොතේ පොහොට්ටුව රට වෙනුවෙන් තීන්දුවක් ගන්නවා – ප්‍රසන්න

අගමැති ධූරය වෙනස් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, අගමැති ධූරය වෙනස් කිරීමේ සුදානමක් ඇති බවට පැතිර යන කතාව අසත්‍ය බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.එය විපක්ෂය විසින් ගොතනු ලැබු කතාවක් පමණක් බවද අමාත්‍යවරයා කීය.

කෘතහස්ත දේශපාලඥයෙකු වු දිවංගත රෙජී රණතුංග මැතිතුමාගේ 86 වන ඡන්ම දිනය නිමිත්තෙන් උඩුගම්පළ පිහිටි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය. 

පොහොට්ටුවේ කිසිදු බෙදීමක් නොමැති බවද ඒ සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරයද සාවද්‍ය බවත් කී ඇමතිවරයා අවශ්‍ය මොහොතේදී පොහොට්ටුව රට වෙනුවෙන් ගත යුතු තීන්දුව ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කලා.