― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalකෘෂිකාර්මික මෙන්ම වතුකරයේ ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්න ජනපතිගෙන් උපදෙස්

කෘෂිකාර්මික මෙන්ම වතුකරයේ ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්න ජනපතිගෙන් උපදෙස්

කෘෂිකාර්මික නවීකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගැටලුවලට මෙන්ම වතුකරයේ ජනතාව මුහුණ දී ඇති ගැටලු සඳහා ද කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වැවිලි ප්‍රතිසංස්කරණ කමිටුවේ (PRC) සාමාජිකයන් සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

ඉඩම් ගැටලුව ඇතුළු කෘෂිකර්මික ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සහ අභියෝග පිළිබඳ මෙහිදී පුළුල්ව විමසා බැලුණු අතර, දැනට විසඳුම් ලබාදෙමින් තිබෙන මහවැලි ඉඩම් ගැටළුව පිළිබඳව ද අවධානය යොමු විය.

එමෙන්ම වැවිලි සමාගම්වල ක්‍රියාකාරිත්වය පිළිබඳව ද මෙහිදී විමසා බැලිණි.

ප්‍රාදේශීය වැවිලිකරුවන් මුහුණ දෙන ප්‍රධානම අභියෝගය වන්නේ ඉදිරි වසර 10 හෝ 15 තුළ ඔවුන්ගේ කල් බදු කාලසීමාව අවසන් වීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කෘෂිකාර්මික නවීකරණය සමඟ රජය ඉදිරියට යන්නේ නම් වැවිලි සමාගම් සඳහා අලුතින් කල් බදු පහසුකම ලබාදීමට සිදුවන බව පැවසීය.

කෙසේ වෙතත්, සියලු සමාගම්වල ක්‍රියාකාරිත්වය ප්‍රශස්ත මට්ටමින් සිදු වී නොමැති බැවින් නව කල් බදු ලබාදීම සඳහා පදනමක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැවිලි ප්‍රතිසංස්කරණ කමිටුවේ සාමාජිකයින්ට උපදෙස් දුන්නේ ය.

වතු සමාගම්වල ක්‍රියාකාරීත්වය තක්සේරු කිරීම සහ නව කල්බදු ලබාදීමේ පදනම තීරණය කිරීම සඳහා 2018 වසරේ සිදු කරන ලද සමීක්ෂණය යාවත්කාලීන කරන ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.

ඉඩම් ලබාදුන් පසු රජයේ අනුමැතියකින් තොරව තම කොටස් විකිණීමට වතු සමාගම්වලට ඉඩ නොතැබිය යුතු බව මෙහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්මාන්තය, කෘෂි ව්‍යාපාර බවට නවීකරණය කිරීමේ ප්‍රයත්නයේ එක් අංගයක් ලෙස ඉඩම්වල මැණික් ගැරීම හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇති බව ද කියා සිටියේය. මේ සම්බන්ධයෙන් වැවිලි ප්‍රතිසංස්කරණ කමිටුවේ අදහස් විමසීම ද සිදු කරන ලදී.

වතුකරයේ නිවාස ගැටලුව හා තේ, රබර් සහ පොල් කර්මාන්ත ආශ්‍රිතව මතුව ඇති ගැටලු, සම්බන්ධව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
කම්කරුවන් සඳහා ඉඩම් උප කොන්ත්‍රාත් ලබා දෙන නියමු ව්‍යාපෘතියක් පිළිබඳව ද අවධානය යොමු වූ අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව (LRC) සම්බන්ධ ගැටලු කෙරෙහි ද අවධානය යොමු විය.

එමෙන්ම ඉරානයට ලංකා තේ අපනයනය වැඩිදියුණු කිරීම පිළිබඳව ද විශේෂ සාකච්ඡාවට බදුන් කෙරිණි.