ආර්ථික අර්බුදයක මෙන්ම ඉන්ධන හා විදුලි අර්බුදයක රට හිරවී සිටින මේ මොහොතේ ගුවන් සංදර්ශන පවත්වමින් ජනතාවගේ මුදල් නාස්ති කිරීම අනුමත කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසයි.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව අවධාරණය කළේය.
රට ආර්ථික, සමාජීය වශයෙන් සෞභාග්‍යයෙන් පිරී ඉතිරි යන අවස්ථාවක නිදහස වෙනුවෙන් මෙවැනි සංදර්ශන එකක් නෙවෙයි දහස් ගණනක් පැවැත්වුවත් ප්‍රශ්නයක් නැහැ. රටේ සමස්ථ ජනතාවගෙන් 50% කට වඩා මේ වන විට උත්සාහ කරන්නේ ආර්ථික නිදහසක් නැති මේ රටෙන් පිට වන්නටයි. අපි නිදහස සැමරිය යුත්තේ ජනතාව සමඟ එක්වයි. බඩු මිල අහස උසට යාමට ඉඩ හැර ජනතාවගේ ආර්ථික සමාජීය නිදහස අහිමි කළ ආණ්ඩුව තිබෙන ඩොලර් ටිකත් නාස්ති කරමින් නිදහස් දිනය උජාරුවෙන් සැමරීමට සූදානම් වෙනවා.