30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalගම්වාසීන් වනජීවි නිලධාරීන්ට පහර දෙයි

ගම්වාසීන් වනජීවි නිලධාරීන්ට පහර දෙයි

පෞද්ගලික ඉඩමක් හරහා අම්පාර – බක්කිඇල්ල – රජගල කන්ද ප්‍රදේශයේ වනඅලි පළවා හැරීම සඳහා අලුතින් ඉදි කරන ලද විදුලි වැටක් පරීක්ෂා කිරීමට ගිය වනජීවී නිලධාරීන් තිදෙනෙකුට ඉඩම් හිමියන් විසින් පහරදී තුවාල සිදුකර ඇති බවට වාර්තා වෙයි.

තුවාල ලැබූ වනජීවී නිලධාරීන් තුන්දෙනාගෙන් එක් අයෙකු අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබන අතර, අනෙක් දෙදෙනා ගොනාගොල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

මේ පිළිබඳ බක්කිඇල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.