― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsPoliticalසජබ සහ පොහොට්ටුවේ පිරිසක් එජාපයට

සජබ සහ පොහොට්ටුවේ පිරිසක් එජාපයට

වවුනියාව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල හිටපු සභිකයින් පිරිසක් අද එක්සත් ජාතික පක්ෂයට එක්වුණා.

වවුනියාව දකුණ ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයෙන් තරග කරන කසුන් සුමතිපාලද ඒ අතරට අයත් බවයි සඳහන්.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මීට පෙර තරග කර එම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු ලෙස කටයුතු කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සදහා තමන් එලෙස එක්සත් ජාතික පක්ෂයට එක්වන බවයි එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බංඩාර වවුනියාව දිස්ත්‍රික්කයේ අද සිදුකළ සංචාරයකදී එම පිරිස පවසා ඇත්තේ.

ඒ අතර වවුනියාව දිස්ත්‍රික්කයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ප්‍රේමරත්න සුමතිපාල ද වන අතර ඔහු එහිදී කියා සිටියේ තමන්ද ජනාධිපතිවරයාට සහය ලබා දෙන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වවුනියාව පළාත් පාලන ආයතනවල හිටපු සභිකයින් පිරිසක් ද මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එක් වූ පිරිසට අයත්.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බංඩාර මහතා වවුනියාව දිස්ත්‍රික්කයේ සිදු කළ සංචාරයේදී අදාළ පිරිස එක්සත් ජාතික පක්ෂ නායකයාගේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට එක්ව තිබෙනවා.

වැඩසටහනට එක්වු පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ ජනාධිපතිවරයා සියලුදෙනා එක්කර ගනිමින් රට ගොඩ නැංවීමට ගෙන යන වැඩපිළිවෙල වෙනුවෙන් සහයෝගය දැක්වීමට අදාළ පිරිස එක්ව සිටින බවයි.

ජනාධිපතිවරයා විසින් රට සංවර්ධනය කරා ගෙන යන වැඩපිළිවෙල වෙනුවෙන් සියලු පාර්ශව ඒකරාශි කර ගනිමින් පොදු වැඩපිළිවෙලක් සකස් කරගත යුතු බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

වැඩසටහ අවස්ථාවේදී වැලිඔය ප්‍රදේශය නියෝජනය කළ පළාත් පාලන සභිකයින් තිදෙනකු ද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සහයෝගය දැක්වීමට එක්ව සිටියා.