29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalරනිල් ජනාධිපති වුණේ අරගලය නිසා - නාමල් රාජපක්ෂ

රනිල් ජනාධිපති වුණේ අරගලය නිසා – නාමල් රාජපක්ෂ

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණේ අරගලය නිසා බවත් දැනට තියෙන්නේ උද්ඝෝෂකයෝ පත් කරපු ආණ්ඩුවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

අරගලයට සහය දුන් විදේශීය කණ්ඩායම පිළිබඳ වැඩි විස්තර ළඟදීම එළියට දාන බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.

දැනට තියෙන්නේ උද්ඝෝෂකයෝ පත් කරපු ආණ්ඩුවක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණේ අරගලය නිසා. මේ අමාත්‍ය මණ්ඩලය ද පත් කර ඇත්තේ ඒ නිසා. අප පමණක් නොව විරෝධතාකරුවන් සමඟ සම්බන්ධ වී සිටි ජනතා විමුක්ති පෙරමුණද දැන් පවසන්නේ විදෙස් කණ්ඩායමක් විරෝධතාවට සම්බන්ධ බවයි. අපිත් එක්ක හිටපු සහෝදර මන්ත්‍රීවරයෙක් පවා මේ තොරතුරු හෙළිකරමින් පොතක් ලියා තිබෙනවා. ජවිපෙ අරගලයේ සාමාජිකයන් කොටසක්. ඉතින් ඒ පිටුපස කිසියම් විදේශීය පිරිසක් සිටින බව ඔවුන්ම දැන් හෙළිකර තිබෙනවා.