― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeWeather'මොඛා' චණ්ඩ සුළි කුණාටුවක් වෙයි

‘මොඛා’ චණ්ඩ සුළි කුණාටුවක් වෙයි

ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘මොඛා’ චණ්ඩ සුළි කුණාටුව පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘මොඛා’ සුළි කුණාටුව, චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී අද (12) උදෑසන 05.30 වන විට 13.20N සහ 88.10E ආසන්නයේ කේන්ද්‍රගතව තිබෙනවා.

එම පද්ධතිය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් පවතින බවත් තවදුරටත් වර්ධනය වෙමින් උතුරු දෙසට ගමන් කරන මෙම පද්ධතිය මැයි 14 වන දින දහවල් පමණ ගිණිකොණ දිග බංග්ලාදේශය සහ උතුරු මියැන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බව කාලගුණ දෙපාර්තමේන්තුව පැවසුවා.

ඉදිරි පැය 24 තුළ මෙම පද්ධතියේ බලපෑම නිසා මුහුද ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මි. 55-65 පමණ වන අතර විටින් විට පැ.කි.මි. 75-85 දක්වා වැඩි විය හැකි බවත් පැවසුවා.

ඉහත මුහුදු ප්‍රදේශ ඉතා රළු වන අතර විටින්විට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියා.