― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalපරිප්පුවාගේ ගෝලයින් 04ක් අත්අඩංගුවට

පරිප්පුවාගේ ගෝලයින් 04ක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවකු වන වැල්ලම්පිටියේ අමල් නොහොත් ‘පරිප්පුවා’ නැමැත්තාගේ සාමාජිකයින් 04ක් තියුණු ආයුධ සමඟ කැලණිතිස්ස, වේරගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුව ගෙන තිබේ.

අදාළ සැකකරුවන් සිව්දෙනා අතර ‘ඉන්නම්බි’ නමැති අපරාධකරුද සිටින බව පොලීසිය පවසයි. සැකකරුවන් සන්තකයේ තිබී කඩු හතරක්, උල්පිහි දෙකක් පොලි​ස් භාරයට ගෙන ඇති අතර ‘පරිප්පුවා’ නැමැති සංවිධානාත්මක අපරාධකරු තවත් පුද්ගලයන් සිව් දෙනෙකු සමඟ කිසියම් අපරාධයකට යමින් සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලද රහසිගත තොරතුරක් අනුව වේරගොඩ ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර ඇත.

එම වැටලීම සිදුකරන අවස්ථාවේදී එම කණ්ඩායම මෙහෙයවූ බව කියන ‘පරිප්පුවා’ නැමති සංවිධානාත්මක අපරාධකරු පළාගොස් තිබේ. ‘පරිප්පුවා’ නැමැති සංවිධානාත්මක අපරාධකරු මිනීමැරුම්, මුදල් බලෙන් ලබාගැනීම් සහ කොල්ලකෑම් රැසකට චෝදනා ලැබූවෙක් වන අතර ඔහුට එරෙහිව නඩු ගණනාවක් අධිකරණ කීපයක විභාග වෙමින් පවතින බව පොලීසිය පවසයි.