― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeWeather'මෝඛා' බංග්ලාදේශය හා මියන්මාරයට ඇතුල් වෙයි

‘මෝඛා’ බංග්ලාදේශය හා මියන්මාරයට ඇතුල් වෙයි

ඊසානදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව ස්ථානගතව පැවති ‘මෝඛා’ අතිශය චණ්ඩ සුළි කුණාටුව ඊයේ (14) දහවල් කාලයේදී ගිණිකොනදිග බංග්ලාදේශය සහ උතුරු මියන්මාර වෙරළ තීරය ආසන්නයෙන් ගොඩබිමට ඇතුල් වුණා.

ඒ අනුව ඉදිරි පැය 24 තුළ එය පීඩන අවපාතයක් සහ අඩු පීඩන කලාපයක් දක්වා දුර්වල වනු ඇති බවයි කාලගුණ අංශ දැනුම් දෙන්නේ. මේ හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන විට තවදුරටත් අවධානයෙන් කටයුතු කරන ලෙස ද දැනුම් දෙනවා.

මේ අතර අද (15) දිනයේ දී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එමෙන්ම දිවයින පුරා විටින් විට හමන පැයට කිලෝමීටර් 40-45 ක පමණ තද සුළං දා ඇතිවිය හැකි බවට දැනුම් දෙනවා.