― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsPoliticalමහින්ද අගමැති කිරීමේ ගැටලුවක් නෑ - මනෝ ගනේෂන්

මහින්ද අගමැති කිරීමේ ගැටලුවක් නෑ – මනෝ ගනේෂන්

මහින්ද රාජපක්ෂ යළි අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම ගැටලුවක් නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ තනතුරු සඳහා කුමන පත්කිරීම් සිදුකළද පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා කඩිනම් පියවර ගත යුතු බවයි.

“රටේ ලොකුම රාවයක් යනවා, මහින්ද මහත්තයා ඉල්ලනවා ලු “මට දෙන්න අගමැතිකම කියලා…” කාගෙන්ද ඉල්ලන්නේ ? අපේ ජනාධිපතිතුමාගෙන්. අපි කියන්නේ කරුණාකරලා කරන්න. රනිල් මහත්තයා කරුණාකරලා මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති කරන්න ප්‍රශ්නයක් නෑ. නමුත් වහාම පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දය දෙන්න අපිට. අපි එන්නම් ආණ්ඩුවක් හදාගෙන ප්‍රශ්නයක් නෑ. ඔයාලට ජනාධිපතිකම තියෙනවා. අපිට ආණ්ඩුවක් තියෙනවා. අනිත් එක ජනමතය කා එක්කද කියලා රටට දැනගන්න පුළුවන්.”