― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalදේවගැතිවරයාගේ ප්‍රකාශයට එරෙහිව ව්‍යවස්ථානුකූලව පියවර ගන්නවා

දේවගැතිවරයාගේ ප්‍රකාශයට එරෙහිව ව්‍යවස්ථානුකූලව පියවර ගන්නවා

දේවගැතිවරයෙකු විසින් ආගමික සංහිඳියාවට හානි වන අයුරින් සිදු කළ ප්‍රකාශයට ව්‍යවස්ථානුකූල පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ඔහුට විරුද්ධව එසේ කටයුතු කරනවා සේම අරගලය කාලේදී අරගලේ ඉදන් බෞද්ධ ආගමට විරුද්ධව කතා කළ අයට විරුද්ධවත්, දළදා මලිගාව ගැන විරුද්ධව කතා කළ අයට විරුද්ධවත් අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ගම්පහ, ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීමට සහභාගී වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (17) මේ බව සඳහන් කළා.