― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅපි දැන් මඩේ එරිලා ඉන්නේ.. මේක තමයි අමාරුම අවුරුද්ද - ජනපති

අපි දැන් මඩේ එරිලා ඉන්නේ.. මේක තමයි අමාරුම අවුරුද්ද – ජනපති

“අපි දැන් මඩේ හිරවෙලා තියෙන්නේ.. හැබැයි කොහොම හරි එළියට එන්න ඕනේ. මම හිතන්නේ මේක තමයි අමාරුම අවුරුද්ද වෙන්නේ.” යනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමඟ පැවති සාකච්ඡාවේදීය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල එළඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කරගැනීම සිය බලාපොරොත්තුව බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

“වැටුප් ගැන මට පෙනෙන විදියට.. අපි විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරන්නම් සාකච්ඡාවකට. මේක මෙහෙ විතරක් නෙමෙයි. එක එක වෘත්තීන්වලින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් මේවා කරන්න ඉස්සෙල්ලා කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම. ඒක කරලා කතා කරන්න තියෙනවා. ඒකේ හානියක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. දෙවනුව ඊට වඩා විශාල ප්‍රශ්නයක් තියෙනවා. බැංකු ප්‍රතිව්‍යුහගත කරන්න තියෙනවා. නැත්නම්.. බැංකු ගියා නම් ඔක්කොම ගිහින්.. ආයේ මුකුත් කතා කරන්න දෙයක් නැහැ.

ඒ දෙක අපිට කරන්න තිබෙනවා.. මේකත් යන අතරේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නැතුව අපිට සාකච්ඡාවලට යන්න බැහැ. මම බලන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සැප්තැම්බර් වෙද්දි මේ ප්‍රශ්නය කරලා ඉවර කරලා බංකොලොත් භාවය කියන තීන්දුව ඉවත් කරගන්න. අපි දැන් මඩේ හිරවෙලා තියෙන්නේ.. හැබැයි කොහොම හරි එළියට එන්න ඕනේ. මම හිතන්නේ මේක තමයි අමාරුම අවුරුද්ද වෙන්නේ.”