රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගැනීමට දේශපාලන පක්ෂ කිහිපයක සහාය ලැබෙන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (20) එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසන බලමණ්ඩල රැස්වීමට එක් වෙමින් ගම්පහදී පැවසීය.
පක්ෂ රාශියක් ‘එක්කරගෙන රට සාර්ථකව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කටයුතු සූදානම් කර සිටිනවා. මේ රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ද ඔහු පෙන්වා දුන්නේය.