― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalරක්ෂිත දෙකක් ගිනි ගනී

රක්ෂිත දෙකක් ගිනි ගනී

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අධික වියළි කාලගුණයත් සමග බගවන්තලාව සහ හැටන් දික්ඔය ප්‍රදේශයේ රක්ෂිත දෙකක අද (08) ගින්නක් හටගෙන ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පවසයි.

බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් වත්තට පහළින් කෙසෙල්ගමු ඔයට ආසන්නයේ පිහිටි තෙත්බිම් කලාපයක හටගත් ගින්නකින් අක්කර 03ක පමණ රක්ෂිතයේ කොටසක් ගිනිගෙන විනාශ වී ඇත.

මේ අතර කාසල්රී ජලාශයට මායිම්ව පිහිටි හැටන් වනරාජා වත්ත පහළ කොටසේ ඉලුක් සහිත රක්ෂිතයක හටගත් ගින්නකින් අක්කර 05ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇත.

කාසල්රී ජලාශයට මායිම් පිහිටි එම රක්ෂිතයේ හටගත් ගින්නෙන් වනරාජා වත්ත පහළ කොටසේ වතු කම්කරුවන් පානීය ජලය ලබා ගැනීම සදහා එම රක්ෂිතය හරහා ඇද තිබූ ජල නලද ගින්නෙන් විනාශ වී තිබේ.