කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත් සහ මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා එම අවවාදාත්මක නිවේදනය අදාළ වන බවයි ඔවුන් පවසන්නේ.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඉහත ප්‍රදේශවල ජීවත්වන ජනතාවට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ මට්ටමක පැවතිය හැකි බවයි.
ඒ අනුව එම ජනතාවට විමසිලිමත් වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.