― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherපළාත් රැසකට ගිගුරුම් සහිත වැසි

පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි අත්විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි වැඩිදුරටත් දන්වා සිටින්නේ.