හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ මහලේකම් ආරුමුගන් තොණ්ඩමන්ගේ ගුණ සමරමින් විශේෂ සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) ජනාධිපති කාර්යාලයේදී එම විශේෂ සමරු මුද්දරය සහ මුල් දින කවරය නිකුත් කිරීම සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.