― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඇමති ජොනීගෙන් රාසමාණික්කම් කළ ඉල්ලීම

ඇමති ජොනීගෙන් රාසමාණික්කම් කළ ඉල්ලීම

පාර්ලිමේන්තුවේදී තමා අදහස් පළ කරන සෑම අවස්ථාවකම ආණ්ඩු පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් අසභ්‍ය වචන සහ ඇතැම් ප්‍රකාශ කරමින් බාධා කරන බවත් එසේ බාධා කරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් ඉල්ලීමක් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් පවස්යි.

ඔහු මේ බව ප්‍රකාශ කළෙඋ ඊයේ (08) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාසමාණික්කම් මෙසේද පැවසීය.

“ද්‍රවිඩ ජාතික සන්ධානයේ අපේ ඉල්ලීම් ඉතාමත් සාධාරණයි. අතුරුදන් වූ පුද්ගලයන්ට සිදු වු අසාධාරනය ගැන කතා කරන්න කියලයි අපි ඉල්ලන්නේ. උතුරු නැගෙනහිර ඉන්න ජනතාවට දේශපාලන අයිතිවාසිකම් ලබා දෙන්න. අපි මොන අවස්ථාවකවත් වෙනම රටක් ඉල්ලලා නෑ. අපි නොබෙදිය යුතු ශ්‍රී ලංකාවක් තුළ අපේ දේශපාලන අයිතිවාසිකම් ඉල්ලන්නේ.

ඒත් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ පිටිපස්සේ ඉන්න මන්ත්‍රීතුමා මම කතාකරන්න පටන් ගත්තම හැමදාම අසභ්‍ය වචන වලන් කතා කරනවා. ජොන්ස්ටන් ඇමතිතුමාට මම පසුපෙල මන්ත්‍රීවරුන්ගේ රැස්වීමෙත් මේක කිව්වා. මන්ත්‍රීවරයෙක් කතා කරද්දි ඇමතිතුමා අසභ්‍ය වචන සහ සමහර දේවල් කියනවා. නිකන් නැගිටලා ඕනි කෙනෙක් බාධා කරන එක හරි.

මම ඒ වචන ටික පාර්ලිමේන්තුවේ කියන එක හරි නෑ. මම කථානායකතුමාටත් මේ ගැන කියලා තිබෙනවා. අපිටත් ජොන්ස්ටන් ඇමතිතුමා වෙන කෙනෙක් කතා කරද්දි අසභ්‍ය වචන කියන්න බැරිකමක් නෑ. දන්නේ නැතිවත් නෙවෙයි. ඒ අපිව හදපු හැටි. මේ වගේ මිනිස්සු කොහෙන් ආවද කියලා මම දන්නේ නෑ. මම ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා පුලුවන් නම් මේ මන්ත්‍රීවරයා ගැන ඇක්ෂන් එකක් ගන්න.”