29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅලි සබ්රිට VVIP වරම් අහිමි වෙයි

අලි සබ්රිට VVIP වරම් අහිමි වෙයි

පසුගියදා ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තය හරහා හොරෙන් රත්‍රං හා ජංගම දුරකථන තොගයක් ගෙනැවිත් නීතියේ රුහැනට කොටුවූ මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ට හිමි විශේෂ අමුත්තන්ගේ විශේෂ වරප්‍රසාද (VVIP Facility) අහෝසි කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තු බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයා රත්‍රං හා ජංගම දුරකථන සිද්ධියට කොටුවී දඩ මුදල් ගෙවා නිදහස් වීමෙන් පසු පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ මොහුට එරෙහිව වහා පියවර ගත යුතු බවයි.

ඒ අනුව කරුණු අධ්‍යයනය කළ කතානායක මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරයාට ගුවන්තොටුපොළේදී හිමිවන අතිවිශේෂ අමුත්තන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමට අදාළව නීති හා උපදෙස් ලබාගෙන සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ මතයද විමසා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දුන් බව වාර්තා වෙයි.