― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමගේ අත්සන හොරට ග+හලා මං ඉල්ලා අස්වුණා කියලා

මගේ අත්සන හොරට ග+හලා මං ඉල්ලා අස්වුණා කියලා

සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම් ධූරයෙන් තමන් ඉවත් කිරීමට ව්‍යාජ ලිපි ලේඛන ගොනු කර ඇති බවට රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ චෝදනා කරයි.

තමන් ඉල්ලා අස්වන බවට සමගි ජන බලවේගය කොළඹ දිසා අධිකරණයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇති බවයි ඇය සඳහන් කරන්නේ.

කොළඹ දිසා අධිකරණයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර තිබෙනවා. මේ අය නීතියත් එක්ක මොන සෙල්ලමක් කරනවද දන්නේ නැහැ. මම කවදාවත් එහෙම ඉල්ලා අස්වීමේ ලිපියක් ලියා නැහැ. මම තවමත් නියෝජ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙලා නැහැ. එහෙම නම් ඊට කලින් මාව මණ්ඩලයෙන් අයින් කරන්න ඕන.

රංජිත් මද්දුම බණ්ඩාර මේ පක්‍ෂයේ මහලේකම් වීම ලැජ්ජයි. සජිත් ප්‍රේමදාස ඇතුළු මේ සියලුම කාර්ය මණ්ඩලය අකෘතඥයි. මම තවත් ඉවසන්නේ නැහැ. මට එයාලට කියන්න තියෙන්නේ ඔයාලා හැමෝම ලෑස්ති ​​වෙලා ඉන්න කියන එකයි.” ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.