― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWeatherප්‍රදේශ රැසකට තද වැසි

ප්‍රදේශ රැසකට තද වැසි

සබරගමුව පළාතෙත්, ගාල්ල මාතර කළුතර හා කොළඹ දිස්ත්‍රික්කවලත් අද දිනයේ මිලි මීටර් 100ක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නිරිත දිග මෝසම මේ වනවිට දිවයින හරහා සම්පූර්ණයෙන්ම ස්ථාපිත වී ඇති බවයි.

බස්නාහිර හා වයඹ පළාත්වලටත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.

ඌව පළාතෙත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට පුත්තලම හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40 ත් 45 ත් දක්වා තද සුළං ඇතිවිය හැකියි.

වර්ෂාවත් සමග මහනුවර කෑගල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.