27.8 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරටේ වාසනාවට රනිල් වික්‍රමසිංහ නම් ජාතික නායකයා ජාතික සම්පතක් හැටියට ඉතුරු වුණා...

රටේ වාසනාවට රනිල් වික්‍රමසිංහ නම් ජාතික නායකයා ජාතික සම්පතක් හැටියට ඉතුරු වුණා – වජිර

රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකයා බිඳුණු වැනසුණු ජාතිය නැවත නගා සිටුවන්නේ කෙසේදැයි කල්පනා කරන බව හබරාදුවේදී පැවති එක්සත් ජාතික පක්ෂ ජන හමුවක දී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කලා.

විනාශයට පත් ජාතිය වෙනස් කිරීම සඳහා අලුත් මගක්, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බවත් ඔහු පැවසුවා.

“කවුරුහරි හිතනවා නම් විනාශකාරීන්ට පුළුවන් රටක් ගොඩනගන්න කියලා එය වැරදීමක්. රටේ වාසනාවට රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයා ජාතික සම්පතක් හැටියට ඉතුරු වෙලා සිටියා.ඒ වෙලාවේ එතුමාගේ ගෙදර පුච්චන්නේ බය කරන්න. මටත් එතුමාට අස්වෙන්න කියලා දුරකථන ඇමතුම් රැසක් ආවා. මම ඒවට කලබල වෙන්න ගියේ නෑ. අස් වෙනවා ද කියා එතුමාගේ ඇහුවම අපි අපේ ගමන යමු කියා කීවා”