25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅයවැය අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට

අයවැය අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට

2022 වර්ෂයේ අයවැය පිළිබඳ අවසන් තත්ව වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා මුදල් ජාතික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

2023 අංක 3 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනතේ 13 වන වගන්තියේ විධිවිධාන පරිදි මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් අයවැය පිළිබඳ අවසන් තත්ව වාර්තාව අදාල මුදල් වර්ෂය ඉක්මවා මාස පහක් ගත වීමට පෙර ජනතාව වෙත නිකුත් කිරීමටත් ඉන් අනතුරුව එකී වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමත් සිදු කළ යුතුය.