― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරජයට මාධ්‍ය මර්ධනය කරන්න අවශ්‍ය නෑ - බන්දුල

රජයට මාධ්‍ය මර්ධනය කරන්න අවශ්‍ය නෑ – බන්දුල

රජයට විද්‍යුත් විකාශන අධිකාරී පනත මගින් මාධ්‍ය මර්ධනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී යෝජිත විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රට තුළ දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය නියාමනයන් ඇති කළ යුතු බැවින් ඒ සඳහා අන්තර්ජාතික වශයෙන් සම්මත ක්‍රමවේදයක් අනුගමනය කරමින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

එම පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු මාධ්‍ය ආයතන වෙත ලබා දෙන බලපත්‍ර නැවත ලබා නොදීමේ කිසිදු වගන්තියක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් තමා අවධාරණය කරන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.