27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල් IMF වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

රනිල් IMF වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලංකාව පිළිබඳ සඳහන් වන වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන්නැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම විවාදයේදී පක්ෂ භේදයකින් තොරව විවාද කිරීමට අවස්ථාව ලැබෙන බවත් එම වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස සභානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

“වර්තමානයේ පැන නැඟී තිබෙන ප්‍රශ්නවලට වගකිව යුත්තේ මේ ආණ්ඩුව, පසුගිය ආණ්ඩුවද ඊට පෙර ආණ්ඩුවද මහසෙන් රජ්ජුරුවොද කියා දැන් සොයා බැලීමෙන් පලක් නැහැ. ඒ නිසා සියලුම දෙනාගේ අදහස් සහ යෝජනා ලබා ගෙන ඉදිරියට යාමේ යම් එකඟතාවකට ඒමට හැකි වේදැයි කියා සොයා බැලිය යුතුයි.” එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.