― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalණය මත පදනම් වූ ආර්ථිකයක් එක්ක ඉදිරියට යන්න බෑ

ණය මත පදනම් වූ ආර්ථිකයක් එක්ක ඉදිරියට යන්න බෑ

මෙරට වෙළෙඳපොළ සාමාන්‍යකරණයට ලක්වීමට තවත් මාස කිහිපයක් ගත වන බවත්
අගෝස්තු මාසය වන විට උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමට පියවර ගන්නා බවත් ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් ඔහු අවධාරණය කළේ ණය මත පදනම් වූ ආර්ථිකයක් සමඟ ඉදිරියට යාමේ හැකියාවක් නොමැති බවයි.

අපිට ණය මතම පදනම් වූ ආර්ථිකයක් ඉදිරියේ දී ගොඩනඟා ගන්න බෑ. ඒ නිසා සියලුදේට ගැළපෙන සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් අපි ඉස්සරහට අරන් ඇවිත් තියෙනවා. මේකේ අපි විශේෂයෙන්ම දකින්න ඕන කාරණය තමා රටේ පහුගිය කාලපරිච්ජේදය තුළ අත්‍යවශ්‍ය සේවා සැපයීම තෙල්, විදුලිය, ගෑස් ඉඳලා අද සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා. ඊළඟට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම…. අද වනවිට මිල ඉහළයෑම නතරවෙලා තියෙනවා. අත්‍යවශ්‍ය ආහාර මිල පහළ ගිහින් තියෙනවා. හැබැයි උද්ධමනය අඩුවීමට සාපේක්ෂව ඒ වේගයෙන් අඩුවෙලා නෑ. හැබැයි මේ වගේ දරුණු ආර්ථික අර්බුදයක් තිබුණ රටක සාමාන්‍ය වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනැගෙන්න තව මාස කිහිපයක කාලයක් ගතවෙයි.