විදෙස්ගතව සිටින බොහෝ පිරිසක් සිය මව්බිම හෙළා දකින බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ එම ආකල්ප පෙරපාසල් සමයේ සිටම නිවැරදි විය යුතු බවයි.
එමෙන්ම රටේ ජනතාව තුළ හුදු ජාතිවාදයට වඩා ශ්‍රී ලාංකිකත්වය වර්ධනය කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.