― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඩොලරය ඉහළ ගියාට කලබල වෙන්න එපා

ඩොලරය ඉහළ ගියාට කලබල වෙන්න එපා

ඩොලරය ඉහළ යාම සම්බන්ධයෙන් කලබල වීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මහ බැංකුව ඩොලර් බිලියන තුනක් මිලදී ගෙන ඇති බවත් එසේ මිලදී නොගත්තේ නම් ඩොලරය තවදුරටත් පහළ යාමක් සිදුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ඩොලරයට ඇති ඉල්ලුම හා සැපයුම මත එහි මිල තීරණය වන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ආනයන ඉහළ යන සතියක ඩොලරයට ඇති ඉල්ලුමද වැඩිවන බවයි.