― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalදැන් රනිල් යන්නෙත් ගෝඨා ගිය අඩි පාරෙමයි - සජිත්

දැන් රනිල් යන්නෙත් ගෝඨා ගිය අඩි පාරෙමයි – සජිත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගමන් කරන්නෙත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගිය අඩිපාරේම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් පලාත් පාලන ආයතන නියෝජිතයින් සහ අපේක්ෂකයින් පිරිසක් හමුවෙමිනි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සුපිරි ධනපතින්ට සහන සලසා දෙමින් රට බංකොලොත් කළ බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාද එය අකුරටම ඒ ආකාරයෙන්ම ඉටු කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.

රටේ සාමාන්‍ය ජනතාව ගැන කිසිදු හැඟීමක් වර්තමාන ආණ්ඩුවට නැති බවත් එය විදුලි බිල සංශෝධනයේදී මබාව තහවුරු වූ බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

රටේ සම්පත් කොල්ල කෑ රට විනාශ මුඛයට රැගෙන ගිය පිරිස සුරක්ෂිත කරන්නේ වර්තමාන ජනාධිපතිවරයා විසින් බව පැවසූ සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේ එවන් දුර්දාන්ත ආණ්ඩුවක් සමග සමගි ජන බලවේගය කිසි ලෙසකින්වත් එකතු නොවෙන බවයි.