― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalපාර්ලිමේන්තු කටයුතු ගැන විශේෂ දැනුම්දීමක්

පාර්ලිමේන්තු කටයුතු ගැන විශේෂ දැනුම්දීමක්

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී දූෂණ විරෝධි පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ලබන 21 වනදා පැවැත්වීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය, ලබන 20 වනදා සිට 23 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර අයවැය කාර්යාලය පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය 20 වනදා පැවැත්වීමට එහිදී තීරණය වූ බව පැවසුවාය.

මේ අතර පසුගිය පළමු වනදා ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා කළ කතාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය විපක්ෂයේ යෝජනාවක් මත ලබන 22 වනදා පැවැත්වීමට ද එහිදී තීරණය කර ඇත.

විපක්ෂය ගෙනආ යෝජනාවකට අනුව එම විවාදය පැවැත්වීමට තීරණය වී ඇති බව මහලේකම්වරිය සඳහන් කළාය.