― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalබෞද්ධයින්ට එරෙහි කුමන්ත්‍රණයක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්

බෞද්ධයින්ට එරෙහි කුමන්ත්‍රණයක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්

හෘද සාක්ෂියට එකඟව, ප්‍රායෝගිකවම ශ්‍රී සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවන බෞද්ධයින් ඉලක්ක කර ඔවුන්ට එරෙහිව අභූත චෝදනා එල්ල කරමින්, ඔවුන්ගේ ශාසනික මෙහෙවර අඩපණ කිරීමට කිසියම් කුමන්ත්‍රණයක් සිදු වෙමින් පවතින බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

බෞද්ධ විරෝධී බලවේග හිස ඔසවන විට ඒවා සමනය කිරීමට නොහැකිනම්, එය බරපතළ ඛේදවාචකයක් බවත්, බුදුදහම සුරක්ෂිත කිරීමට කැපවීම කාගේත් වගකීමක් බවයි ඔහු අවධාරණය කළේ.

පවුල් දේශපාලනයට තමන් විරුද්ධ බවත්, ⁣එහෙත් ඔවුන්ට සමාජ සේවය කිරීමේ අයිතියට බාධා කිරීමට තමන් කිසිවිටකත් සූදානම් නැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා, ජේ.ආර්. ජයවර්ධන මහතාගේ සමයේ ක්‍රියාත්මක වූ සේවා වනිතා ඒකකයෙන් සිදුකළ සාමාජීය මෙහෙවර පිළිබඳව ද සිහිපත් කළා.

දේශපාලනඥයන්ගේ බිරින්දෑවරු එම වැඩසටහන හරහා සමාජ සේවාවන් රැසක් ඉටු කළ බවත්, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ බිරිඳ පවා එම වැඩසටහනේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ බවත් ඔහු පෙන්වා දුන්නා.

සාමාජීය සහ ශාසනික සේවාවන් සිදු කිරීම යනු මැතිවරණයට ඉදිරිපත් වීම හෝ මන්ත්‍රී ධුර ලබාගැනීම හෝ නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා කියාසිටියේ ඔවුන්ට එවන් සේවාවන් කිරීමට ඇති අයිතියට බාධා කළ නොහැකි බවයි.

ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ජලනි ප්‍රේමදාස මහත්මිය වෙත “ශ්‍රී සුගත ශාසන ප්‍රසාදනී” ගෞරව නාමය පිරිනැමීම සහ නයන වාසල තිලක මහතාට දියතලාව කහගොල්ල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ බස්නායක නිලමේ තනතුර පිරිනැමීම වෙනුවෙන් ඊයේ (17) පැවති උත්සවය අමතමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා.