27.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalබේරේ වැවේ නාලා, හැංගිලා හිටපු වීරයෝ දැන් ඇමතිකම් ඉල්ලනවා

බේරේ වැවේ නාලා, හැංගිලා හිටපු වීරයෝ දැන් ඇමතිකම් ඉල්ලනවා

බේරේ වැවේ නාලා මන්දිරවල හැංගිලා හිටපු වීරයෝ ටික දැන් ඇමතිකම් ඉල්ලන බව තමාට ආරංචි වූ බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

අද රාජපක්ෂ පඬිවරුන් ගමින් ගමට ගොස් රට හදන්න පුළුවන් කියා කියන බවත් රට බංකොලොත් කළේ කවුදැයි දැන් අමතක වී තිබෙන බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ ඉස්සරහට දමා ගෙන මූල්‍ය අරමුදලට මුවා වී ජාතික ආරක්ෂාව ගැන කතා කරමින් පරණ වීරයෝ ටික නැවත තැනින් තැනට යන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.