― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅපේ රජය ආගම දහම නංවන්න විශාල සේවාවක් කරනවා

අපේ රජය ආගම දහම නංවන්න විශාල සේවාවක් කරනවා

සංගීත සංදර්ශනවලට තැබූ අත මාධ්‍යයටත් තියන්න බැරි නැති බවත් තම රජය ආගම දහම නැංවීමට විශාල සේවාවක් සිදුකරන බවත් තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය හෙතෙම මේ බව ප්‍රකාශ කලේ අද (11) බලපිටියේ පැවති වැඩසටහනකය එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“අද සමාජය බිඳ වැටිලා. මේ වනවිට සමාජය කිවනොහැකි තරමටම බිඳ වැටිලා. සංගීත සංදර්ශනය පැයකින් නැවැත්තුවා කියලා එයට ගහන්න තරම් සමාජය බිඳ වැටිලා. මෙහෙම ගියොත් සංගීත සංදර්ශනවලට තැබූ අත මාධ්‍යයටත් තියන්න බැරි නැහැ. ඒ නිසා අපි හැමදෙනාගේම වගකීම මේ සමාජය හරි මගට ගැනීමයි.

මේ සමාජය බිඳ වැටීමට අපේ ඇතැම් මහජන නියෝජිතයනුත් වගකිවයුතුයි. ඒ වගේම කොරෝනා ව්‍යසනය නිසා ජනතාව පන්සල්, පල්ලි, කෝවිල්වලින් දුරස්වීමත් මෙයට තවත් එක හේතුවක් වුනා. දැන් අපිට කරන්න සිද්ධවෙලා තියෙන්නේ පන්සල් පල්ලි හා කෝවිල්වලින් දුරස්වුණු ජනතාව ඒවාට ළංවීමට සැලැස්වීමයි. එසේ නොවුනහොත් මේ සමාජ බිඳ වැටීම නවත්වන්න බැහැ.

අපේ රජය පන්සල්, පල්ලි හා කෝවිල් ඇතුළු පූජනිය ස්ථාන දියුණු කරන්න කටයුතු කළත් පසුගිය රජය සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ හා බුද්ධ ශාසන අමාත්‍යංශයේ මුදල් වැය කරේ තමන්ගේ ප්‍රතිරූපය නැංවීමට කටයුතු කිරීමටයි. ඒ වගේම දේශපාලන කටයුතු සඳහාත් එම අමාත්‍යාංශවල මුදල් වැය කළා. ගිණුම්වල ශේෂයක් නැති තරමටම තමන්ට හිතු හිතු පරිදි මුදල් වැය කළා. නමුත් අපේ රජය ආගම දහම නැංවීමට විශාල සේවාවක් මේ වනවිට සිදු කරමින් පවතිනවා.”