― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමහින්ද තරම් රටට සේවයක් කළ අයෙක් තවත් නැහැ - ලොහාන්

මහින්ද තරම් රටට සේවයක් කළ අයෙක් තවත් නැහැ – ලොහාන්

මේ රටට මහින්ද රාජපක්ෂ තරම් සේවයක් කළ වෙනත් නායකයෙකු නොමැති බවත් එම නිසා මහින්ද රාජපක්ෂ තවදුරටත් දේශපාලනයේ නියැලීම අවශ්‍ය නොවන බවත් වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (22) මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මහින්ද රාජපක්ෂ දැන් විශ්‍රාම සුවයෙන් සිටිය යුතු කාලය එළැඹ ඇති බවයි.

තවමත් මේ රටේ ජනප්‍රියම දේශපාලනඥයා මහින්ද රාජපක්ෂ බව පැවසූ ලොහාන් රත්වත්තේ සඳහන් කළේ ජනපති රනිල් වික්‍රමසිංහ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර කිසිදු මතබේදයක් නොමැති බවත්ය.

මැතිවරණයක් ලබා දෙන්නේ ජනතාවට අවශ්‍ය වෙලාවට මිස අරගලකරුවන්ට ඕන වෙලාවට නොවන බවත් ජනතාව ප්‍රතික්ෂේප කරන දිනක දේශපාලනයෙන් ඉවත් වීමට තමන් සූදානම් බවත් එසේ නොමැතිව අරගලකරුවන්ට බයේ දේශපාලනය අත් හැරීමට තමන් සූදානම් නැති බවත් ඔහු අවධාරණය කළේය.