27.8 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalලංකාව ගෝලීය දේශපාලනයෙන් දශක 2ක් පීඩා වින්දා - නාමල් රාජපක්ෂ

ලංකාව ගෝලීය දේශපාලනයෙන් දශක 2ක් පීඩා වින්දා – නාමල් රාජපක්ෂ

ශ්‍රී ලංකාව සහ චීනය දීර්ඝ කාලයක සිට මිත්‍රත්වයෙන් කටයුතු කරන බැවින් දෙපාර්ශවයටම වාසි අත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ශ්‍රී ලංකා – චීන මිත්‍රත්ව සංගමයේ සාමාජිකයින් වන ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු නිල සංචාරයක් සඳහා චීනයට ගොස් තිබේ.

මේ තත්ත්වය තුළ නාමල් රාජපක්ෂ චීන මාධ්‍ය නාලිකාවක් වන CGTN සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අදහස් පළ කළේය.

“දුෂ්කර කාලවලදී චීනය ශ්‍රී ලංකාව සමඟ සිටියා. ඒ වගේම ශ්‍රී ලංකාව හැමවිටම අනුගමනය කළේ චීනයේ ප්‍රතිපත්තියයි.”

මෙම වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා චීනයේ සංචාරයක නිරත වනු ඇතැයි මන්ත්‍රීවරයා එහිදී විශ්වාසය පළ කළේය. පසුගිය දශක දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව ගෝලීය දේශපාලනයේ බලපෑමට ලක් වූ බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.