― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalදේශපාලනය නොදත් ගෝඨාභයගේ වියත්මග රටම විපත්මගට තල්ලු කරා - නිමල් ලංසා

දේශපාලනය නොදත් ගෝඨාභයගේ වියත්මග රටම විපත්මගට තල්ලු කරා – නිමල් ලංසා

නාලක ගොඩහේවා යනු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දකුණු අත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා පවසයි.

දේශපාලනය නොදත් ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට කැඳවා වියත්මගින් රටම විපත්මගකට තල්ලු කොට තම අවුරුදු 30ක දේශපාලන ජීවිතය නැති කිරීමට උපදෙස් දුන්නේ ද නාලක ගොඩහේවා බවයි ඔහු සඳහන් කළේ.

සියලු රාජ්‍ය ආයතනවලට සභාපතිවරුන් පත් කිරීමට ගෝඨාභයට උපදෙස් දුන්නේ නාලක ගොඩහේවා බවටත් දුක සේ වැඩ කොට තමන් ගොඩනඟා ගත් කීර්ති නාමය ද විනාශ කළේ ඔහු බවටත් ලංසා චෝදනා කරයි.

ඒ සියල්ල අමතක කර දැන් කිසිදු ලැජ්ජාවක් නැතිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට උපදෙස් දෙන්නේ නාලක ගොඩහේවා බව ද නිමල් ලංසා සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තුව අමතමිනි.