― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඖෂධ හිඟයට තිත තියන්න විශේෂ වැඩපිළිවෙලක් - කෙහෙළිය රඹුක්වැල්ල

ඖෂධ හිඟයට තිත තියන්න විශේෂ වැඩපිළිවෙලක් – කෙහෙළිය රඹුක්වැල්ල

රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (02) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව ද සුවිශේෂ අවධානයකින් කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

මේ අතර මධ්‍යම ඖෂධ ගබඩාව තුළ තිබිය යුතු ඖෂධ වර්ග 800 අතුරින් ඖෂධ වර්ග 190ක පමණ හිඟයක් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කර සිටියේ.