30.6 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආණ්ඩුවට ජනතාව නෙමෙයි අලියෙක්වත් බලා ගන්න බෑ - රංජිත් මද්දුම බණ්ඩාර

ආණ්ඩුවට ජනතාව නෙමෙයි අලියෙක්වත් බලා ගන්න බෑ – රංජිත් මද්දුම බණ්ඩාර

විපක්ෂයෙන් තිදෙනෙක් ආණ්ඩුවට යන විට ආණ්ඩුවෙන් 35ක් විපක්ෂයට එක්ව ඇතැයි සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

ඔහු සඳහන් කළේ, ආණ්ඩුවේ තව මන්ත්‍රීවරුන් 10ක් විපක්ෂයට එකතු වුවහොත් මහා මැතිවරණයක් මුලින් පැමිණිය හැකි බවයි.

වර්තමාන ආණ්ඩුවට ජනතාව බලා ගැනීමට තබා අලියෙකු බලා ගැනීමට බැරි බව ද රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළේය.

බංකොලොත් රටක අලියෙකුට බෙහෙත් දිය නොහැකි නිසා තායිලන්තය අලියා රැගෙන ගිය බව ද හෙතෙම වැඩි දුරටත් කීය.