31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalබංකොලොත් රටක් බාරගත් රනිල් ලෝකයටම ආදර්ශයක් - වජිර

බංකොලොත් රටක් බාරගත් රනිල් ලෝකයටම ආදර්ශයක් – වජිර

ජනතාව වෙනුවෙන් බංකොලොත් රට බාරගත් රනිල් වික්‍රමසිංහ දැන් ලෝකයටම ආදර්ශයක් දෙමින් රට නැවත යථා තත්ත්වයට පත් කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවතු මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තීන්දු ගන්නේ තමන්ගේ පෞද්ගලික දේශපාලන අනාගතය ගැන සිතා නොව රටේ දෙකෝටි විසි ලක්ෂයක් වන සමස්ථ මහජනතාවගේ අනාගතය ගැන සිතා බවයි.

ජනපති පැරීසියේදීත්, එංගලන්තයෙදීත් ලෝකයේ ආධාර දෙන සෑම කණ්ඩායමක් සමඟම ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මුදවා ගැනීම පිළිබඳව අඛණ්ඩව සාකච්ඡා කර තිබෙන ඒ සෑම රටක්ම වත්මන් වැඩපිළිවෙල අගය කොට තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙවැනි කඩා වැටුණු රටක් ගොඩගැනීමට නීතීරීති, අණපනත්, විවිධ සංශෝධන අවශ්‍ය කරන අතර ඒවා ලෝකයේ වෙනත් රටවල් පවා අනුගමනය කරන බවත් නමුත් එම නීතීරීති වැරදි ආකාරයට විවේචනය කරමින් රටේ ජනතාව නොමඟ යැවීමට විපක්ෂය ප්‍රමුඛ ඇතැම් කණ්ඩායම් කටයුතු කරන බව ඔහු අවදාරණය කළේය.